Home උණුසුම් පුවත් උසස්පෙළ විභාගයට ඉන්න සිසුන්ට පණිවුඩයක්

උසස්පෙළ විභාගයට ඉන්න සිසුන්ට පණිවුඩයක්

උසස්පෙළ විභාගයට ඉන්න සිසුන්ට පණිවුඩයක්

අනිද්දා (04) සිට ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අයඳුම් පත්‍ර ලැබී නොමැති අපේක්ෂකයන්ට තම දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් අයැදුම්පත්‍ර භාගත කරගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙවර අ.පො.ස උ/පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 346976ක් පෙනීසිටිමට නියමිතය.

ඉන් 281445ක් පාසල් අයැදුම්කරුවන් වන අතර පෞද්ගලික අයැදුම්කරුවන් සංඛ්‍යාව 65, 531 කි.

මෙවර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන සංඛ්‍යාව 2258 ක් ස්ථාපිත කර තිබේ.

මේ අතර ඇදහැලෙන වැසි හා ගංවතුර තත්ත්වය මත කැකිරාව මඩාටුගම රේවත විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානය සංශෝධනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම විභාග මධ්‍යස්ථානයේ විභාගය සඳහා පෙනී සිටීමට සිටි අපේක්ෂකයින් සඳහා ගල්කිරියාගම මධ්‍ය මහා විද්‍යාලයේ නව විභාග මධ්‍යස්ථානයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

මේ අතර මෙවර උ/පෙළ විභාගය සඳහා ප්‍රථම වරට කොරියානු භාෂාව විෂයක් ලෙස හඳුන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here