Home උණුසුම් පුවත් සේදවත්තේ නිවසකට වෙඩි -නිවෙස් හිමියා රෝහලේ

සේදවත්තේ නිවසකට වෙඩි -නිවෙස් හිමියා රෝහලේ

0
සේදවත්තේ නිවසකට වෙඩි -නිවෙස් හිමියා රෝහලේ

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් පොලීසියට ඔත්තුවක් දුන්නේ යැයි සැකකරමින් පුද්ගලයෙකුගේ නිවසකට ඊයේ රාත්‍රී කාලයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා නිවෙස් හිමියා ඝාතනය කිරීමට උත්සහා දරා ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය සඳහන් කරයි.

වැල්ලම්පිටිව සේදවත්ත සිරිපාල පින්තු මාවතේ නිවසකට මෙම වෙඩි තැබීම සිදුව ඇත.

වෙඩි වැදුණු නිවෙස් හිමියා රෝහල්ගතකර ඇති බව පොලීසිය කියයි.

මෙම නිවෙස් හිමියාගේ නිවස අසල පදිංචිකරුවෙක් මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවත් ඔහුව පොලීසිය අත්අඩංගුවට ගැනීම මෙම වෙඩි තැබීමට හේතුවී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here