Home උණුසුම් පුවත් උසස් පෙළ ටියුෂන්- වැඩමුළු- සම්මන්ත්‍රණවලට තහනමක්

උසස් පෙළ ටියුෂන්- වැඩමුළු- සම්මන්ත්‍රණවලට තහනමක්

උසස් පෙළ ටියුෂන්- වැඩමුළු- සම්මන්ත්‍රණවලට තහනමක්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ උපකාර පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් කර තිබේ.

මෙම තහනම විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මක බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ආදර්ශ ප්‍රශ්නපත්‍ර බෙදාහැරීම සහ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ආදර්ශ ප්‍රශ්න ප්‍රසිද්ධ කිරීම ද තහනම් වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එවැනි කටයුතුවල නිරත වන පුද්ගලයින්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

2023 අ.පො.ස උසස් පෙළ විභාගය ජනවාරි 4 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here