ඇමරිකා එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට ලබාදෙන අවසාන යුධ ආධාර තොගය ලබා දීමට පියවර ගෙන තිබේ.
ඇමරිකානු ඩොලර් මිලියන 250 වටිනාකමකින් යුත් මෙම යුධ ආධාර තොගයට ගුවන්යානා නාශක අවි, කුඩා ගිණි අවි සහ යුධ ටැංකි නාශක අවි ඇතුලත් බව එක්සත් ජනපද රජය සඳහන් කරයි.
ඒ අනුව ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රසයේ නව අනුමැතියක් නොමැතිව යුක්‍රේනයට ලබා දීමට හැකි අවසන් යුධ ආධාර තොගය මෙය බවද එරට රජය නිවේදනය කළේය.
යුක්‍රේනය සඳහා ඉදිරියටත් යුධ ආධාර ලබා දීමට එක්සත් ජනපද කොන්ග්‍රසය අනුමැතිය ලබා දිය යුතු අතර මේවන විට ඒ සඳහා අනුමැතිය ලබාදීම අවිනිෂ්චිත තත්ත්වයක පවතී. ඒ අනුව මෙම ආධාර තොගයෙන් පසුව තවදුරටත් ආධාර ලබාදීම දැඩි අවිනිෂ්චිත බවද එක්සත් ජනපද මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
මේවන විටත එක්සත් ජනපදය විසින් යුක්‍රේනයට විශාල වශයෙන් යුධ ආධාර ලබාදීම සම්බන්ධයෙන් එරට ජනතාව තුල දැඩි විරෝධයක් මතුව ඇති අතර එහිදී ජනතාව පෙන්වා දී ඇත්තේ තම බදු මුදල් විදෙස් රටක පවතින යුද්ධයකට වැය කිරීම අනුමත කළ නොහැකි බවයි.
එක්සත් ජනපදය තුලද මේවන විට දැඩි ආර්ථික අභියෝගයක් නිර්මාණය වී ඇති අතර එහිදී නිවාස අහිමි පුද්ගලයින් ගණන සීඝ්‍රයෙන් ඉහළයමින් පවතින බවද නවතම දත්ත වාර්තා අනාවරණය කරයි.
කෙසේවෙතත් උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් යුක්‍රේනය සඳහන් කරන්නේ, බටහිර රාජ්‍යන්ගේ ආධාර නොමැතිව තමන්ට රැසියාව සමඟ සටන් කිරීම දැඩි අභියෝගාත්මක වනු ඇති බවයි.