තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙවර වෙසක් වෙනුවෙන් බතික් වෙසක් කූඩුවක්

    මෙවර වෙසක් වෙනුවෙන් බතික් වෙසක් කූඩුවක්

    කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සැමරීමට සිදුව තිබෙන අතර, වෙසක් සැරසිලි නව්‍ය හා දේශීය මුහුණුවරකට හඳුන්වාදෙමින් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ සංකල්පයකට අනුව බතික් වෙසක් කූඩුවක් නිර්මාණය කර තිබේ.

    ජාතික මෝස්තර මධ්‍යස්ථානය විසින් මෙම බතික් වෙසක් කූඩුව නිමවා ඇත.

    එම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන මෙම නව වැඩසටහන් මාලාව සංකේතවත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පළමු “බතික් වෙසක් කූඩුව” පිළිගැන්වීම පසු ගිය (21) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය.

    බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙම බතික් වෙසක් කූඩුව පිළිගැන්නුවේය.

    නිවෙස්වල සිට වෙසක් සමරන බැතිමතුන් සඳහා රූපවාහිනිය සහ සමාජ මාධ්‍ය තුළින් වෙසක් නිර්මාණයන්හි දෘශ්‍ය පෙළහර විඳීමට ඉඩ සැළැස්වීම බතික් වෙසක් දෘශ්‍ය පූජාවේ අරමුණ වී තිබේ.

    දේශීය අමුද්‍රව්‍ය හා සංස්කෘතික සම්ප්‍රදායන් ඉහළට ඔසවමින් බතික් මෝස්තර සඳහා නව ප්‍රවණතාවක් බිහි කිරීම උදෙසා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

    නිවෙස්වල සිට වෙසක් මංගල්‍යය සමරන බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් කළ මෙම නිර්මාණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

    මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා සහ ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ සභාපතිවරයා ද එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img