Home උණුසුම් පුවත් රැකියා ලැබුණු තවත් කණ්ඩායමක් ඊශ්‍රායලයට

රැකියා ලැබුණු තවත් කණ්ඩායමක් ඊශ්‍රායලයට

රැකියා ලැබුණු තවත් කණ්ඩායමක් ඊශ්‍රායලයට

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමි වූ තවත් කණ්ඩායමක් ඊයේ (27) රාත්‍රියේ ඊශ්‍රායලය බලා පිටත්ව ගියහ.

ඊශ්‍රායලය බලා පිටත්ව යන මෙම පිරිස දැනුවත් කිරිම සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ඊට Zoom ඔස්සේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සම්බන්ධ වූ අතර එම පිරිසට සුබපැතුම්ද එක් කළේය.

මෙම රැකියාවෙන් උපයා ගන්නා මුදල් මගින් තම පවුලේ ආර්ථිකය ඉහළ නැංවීම පියවර ගන්නා අතරතුරේදී නීත්‍යානුකූලව බැංකු පද්ධතිය හරහා මුදල් එවීම මගින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වන ලෙසද අමාත්‍යවරයා රැකියාලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම ඔවුන් ඊශ්‍රායලයේදී, ලංකාවේ නිල නොලත් තානාපතිවරුන් වන බැවින් සෑම විටම රටේ කීර්තිනාමය හා ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here