Home දේශීය පුවත් උණුසුම් පුවත් “අපි වරද පිළිගත් කතාව බොරු” -ලංවිම

“අපි වරද පිළිගත් කතාව බොරු” -ලංවිම

“අපි වරද පිළිගත් කතාව බොරු” -ලංවිම

රටපුරා එකවරම පසුගිය 09 වැනිදා සිදුවූ පැය ගණනාවක විදුලි බිඳවැටීමේ වරද තමන් භාරගත් බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපතිවරයා කළ ප්‍රකාශය ලංකා විදුලිබල මණ්ඩලය තරයේ ප්‍රතික්ෂේප කරයි.

එම ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් ලෙස ප්‍රතික්ෂේප කරමින් ලංවිම සඳහන් කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බවයි.

“පරීක්ෂණ අවසන් වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළ හැකියි,” විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු. නොයෙල් ප්‍රියන්ත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා ලංවිම උපුටා දක්වමින් අද කියාසිටියේ පසුගියදා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංවිම වරදක් කළ බව පිළිගත් බවයි.

ලංවිම අතිරේක සාමාන්‍යාධිකාරීවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් අභ්‍යන්තර විමර්ශන කමිටුව සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් පත්කරන ලද බාහිර විමර්ශන කමිටුව යන කමිටු දෙක මගින් මෙම විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

සබැඳි පුවත් – රටම එකවර අඳුරට දැමුවාට ලංවිම වරද පිළිඅරන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here