තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රන් තැටියේ අතුරුදන්වීම: කතරගම දේවාලයේ මහකපුවා බාරවෙයි

    රන් තැටියේ අතුරුදන්වීම: කතරගම දේවාලයේ මහකපුවා බාරවෙයි

    අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපලයකට භාරයක් ලෙස කතරගම දේවාලයට පූජාකරන ලද පවුම් 38ක රන් තැටියක් අතුරුදන් වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කතරගම දේවාලයේ ප්‍රධාන කපු තැන සොමිපාල ටී.රත්නායක අද උදෑසන 7.30ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණ භාර වී ඇත.

    සිය දියණියක සහ බෑනා සමග කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි ඔහු අත්අඩංගුවට ගෙන පැයක පමණ කාලයක් ප්‍රශ්න කර තිබේ.

    අනතුරුව ඔහු තිස්සමහාරාම අධිකරණය වෙත රැගෙන ගොස් ඇත.

    පොලිසිය පවසනුයේ අවුරුදු 85ක් පමණ වන මෙම කපු මහතාට ඇවිදගැනීමට පවා අපහසු බවය.

    තමා පලාගොස් සැඟව නොසිටි බවත් බෙහෙත් ගැනීම සඳහා ගොස් සිටි බවත් පොලිසියට ඔහු පවසා ඇත.

    කොළඹ අපරාධ කොට්ඨාසය නිලධාරීන් පැමිණෙන විට තම නිවසේ නොසිටියේ බෙහෙත් ගැනීමට ගොස් සිටි බැවින් යැයිද ඔහු පවසා ඇත.

    පසුගිය දින කිහිපය තුළ තමා සිටියේ කතරගම පිහිටි සිය නිවසේ බවද ඔහු පවසා ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img