Home special ඇපල් වොච්වලට තහංචියක්

ඇපල් වොච්වලට තහංචියක්

0
ඇපල් වොච්වලට තහංචියක්

නවතම ඇපල් වොච් (iWatch) මාදිලි ඇමරිකා එක්සත් ජනපදය තුල අලෙවි කිරීම තනහනම් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව නවතම අයිවොච් මාදිලි වන සීරිස් 9 සහ අල්ට්‍රා 2 යන මාදිලි මෙලෙස අලෙවි කිරීම තහනම් කිරීමට බයිඩන් පරිපාලනය තීරණය කර තිබේ.

මෙම තහනමට හේතු වී ඇත්තේ ඇපල් සමාගම විසින් වෙනත් සමාගමක පේටන්ට් බලපත්‍රයක් උල්ලංඝනය කර ඇති බව චෝදනා එල්ලවීමයි.

ඇපල් සමාගම සිය තාක්‍ෂණය දඩයම් කරන බවට වෛද්‍ය උපාංග නිෂ්පාදක මැසිමෝ සමාගම විසින් චෝදනා කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මෙම තහනම බලාත්මක කර ඇති බවට අනාවරණය වේ.

ඒ අනුව තහනම සම්බන්ධයෙන් ඇපෑලක් ඉදිරිපත් කරන බවටද ඇපල් සමාගම සඳහන් කරයි.

පවතින තත්ත්වයත් සමඟ නව ඇපල් වොච් සියල්ල එක්සත් ජනපදය වෙළෙඳ පොලින් ඉවත් කිරීමට මේවන විට සමාගම පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here