මෙරටට පැමිණ සිටින විදෙස් සංචාරකයන් මෙන්ම රටපුරා විවිධ ප්‍රදේශවල සිට අතිවිශාල ජනකායක් ගෙවුණු දීර්ඝ සති අන්තයේදී නුවරඑළියට පැමිණ තිබේ.
නුවරඑළිය නගරය පමණක් නොව නගරය ආසන්නයේ සහ අවට පිහිටි සංචාරක ස්ථාන දැකබලාගැනීම හා විවේකය ගතකිරීම වෙනුවෙන් පැමිණි මෙම සංචාරකයන් නිසා හෝටල්, නවාතැන් පිරී ගොස් ඇත.
දීර්ඝ සති අන්ත නිවාඩුව සහ පාසල් නිවාඩුව, නත්තල් අසිරිය සමඟ සීත දෙසැම්බරයේ සුන්දරත්වය විඳගන්නට නුවරඑළිය සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය කියයි.
එසේවුවත් නුවරඑළිය නගරය තුළ නිසි සංචාරක සැලැස්මක් ක්‍රියාත්මක නොවීම හා වාහන ගාල්කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති හේතුවෙන් සංචාරකයන් දැඩි ලෙස අපහසුතාවයට පත්වන බවද එම සංගමය කියා සිටී.