Home උණුසුම් පුවත් මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ සංවිධායක ඇතුළු තිදෙනා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ සංවිධායක ඇතුළු තිදෙනා රිමාන්ඩ්

0
මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ සංවිධායක ඇතුළු තිදෙනා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ සංවිධායකවරයා ඇතුළු තිදෙනා කෑගල්ල වැඩබලන මහේස්ත්‍රාත් නිශාන්ති අබයරත්න මහත්මිය හමුවට අද(26) ඉදිරිපත් කිරීමෙන් පසුව ජනවාරි 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

දින 06ක් රැදවුම් නියෝග මත රදවා සිටි මෙම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කුරුණෑගල පොතුහැර මාවතගම උඩ වත්තේ පදිංචිව සිටින සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ සංවිධායකවරයා වන 35 හැවිරිදි දසනායක මුදියන්සේලාගේ අමිත බණ්ඩාර චන්ද්‍රසේකර, කෑගල්ල බෙරගල පදිංචිව සිටින 40 හැවිරිදි බස්නායක මුදියන්සේලාගේ රුක්මන් බස්නායක, කෑගල්ල මොළගොඩ පදිංචිව සිටින 41 හැවිරිදි කරගම්පිටිගොඩ පමුණුවලාගේ ඉනෝෂා ස්වර්ණමාලි යන තිදෙනාය.

ඉකුත් 19 වැනිදා සවස කෑගල්ල රඹුක්කන පාරේ කරඩුපන ප්‍රදේශයේ දී පොලීසිය මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 700 ක් සමඟ යුවලක් අඩංගුවට ගත්තේය.

ඔවුන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවූ තොරතුරු මත රඹුක්කන පොලිස් වසමේ වල්ගම මංසන්ධියේ දී තරුණ කටයුතු සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔහු ගමන් කරමින් සිටි ප්‍රා⁣ඩෝ රථයේ ගමන්කරමින් සිටියදීය.

ප්‍රා⁣ඩෝ රථය පරීක්ෂා කිරීමේ දී හොරොයින් ග්‍රෑම් 800ක්, මත්ද්‍රව්‍ය අලෙවි කර උපයාගෙන තිබුණු මුදලින් රුපියල් දසලක්ෂ විසිදහසක මුදලක් ද තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here