තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීපාද වඳින්න යන අය මේ ගැන දැනගෙන යන්න..

    ශ්‍රීපාද වඳින්න යන අය මේ ගැන දැනගෙන යන්න..

    අදින් ඇරඹි සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න මහතාගේ අත්සනින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ප්‍රධාන කරුණු 10කින් එය සමන්විතව මෙම ගැසට් නිවේදනය නිකුත්කර ඇත.

    අද සිට ලබන වසරේ මැයි මස 24 වන දින දක්වා ශ්‍රී පාද වන්දනා සමය ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳන්ය.

    සිරිපා මළුව විශ්‍රාම ශාලා ප්‍රදේශයේ මෙන්ම ගමන් මාර්ගයේ වෙළඳාම මෙමගින් තහනම් කර ඇති අතර අවසර ලත් ස්ථාන වල හැර පූජා භාණ්ඩ, පූජා වට්ටි ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් දෑ අළෙවි නොකළ යුතු බවත් මත්පැන් දුම්වැටි හෝ වෙනත් කිසිදු මත්ද්‍රව්‍යක් ගමන් මාර්ගයේ රැගෙන යාම,තබා ගැනීම විකිණිම මිලදී ගැනීම හෝ භාවිතා කිරිම තහනම් කර තිබේ.

    සිරිපා පිවිසුම් මාර්ගයේ දෙපස අවසර ලත් ස්ථාන හැර කිසිදු ස්ථානයක තාවකාලික හෝ ස්ථාර වෙළද සැල් තැනීම හෝ පවත්වාගෙන යාම හෝ වෙළදාම් කිරිම තහනම්ය. විකිණිමට ඇති ආහාර ද්‍රව්‍ය මැස්සන්ගෙන් ආරක්ෂා වන අයුරින් වසා තැබිය යුතු බව ඇතුළු තවත් කරුණු රැසක් මෙම ගැසට් නිවේදනයේ සඳහන්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img