තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රාජ්‍ය සේවක නිවාඩු කප්පාදුවට විරෝධය

    රාජ්‍ය සේවක නිවාඩු කප්පාදුවට විරෝධය

    රාජ්‍ය සේවයේ ගැටළු විසඳීම වෙනුවට, රාජ්‍ය සේවකයන්ගේ දැනට පවතින නිවාඩු ගණන වසරකට 25 දක්වා කප්පාදු කිරීමට ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාවට විරෝධය පලකරන බව රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමය පවසයි.

    ඒ පිළිබඳ රාජ්‍ය පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අමිල බණ්ඩාර මහතා මෙසේ පැවසීය.

    “රාජ්‍ය සේවකයන්ට වර්තමානයේ ගැටලු රැසකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. පොදු මහජනතාවට වගේම විශාල බදුබරක් දරන්න වෙලා තියෙනවා. 2016 පසුව රාජ්‍ය සේවයට එන අයගේ විශ්‍රාම වැටුප් හිමිකම කප්පාදු කරලා. අද වෙනකොට පවතින ජීවන වියදමට සරිලන වැටුපක් රාජ්‍ය සේවකයාට නෑ. ඔවුන්ගේ අවුරුද්දකට වැඩිවෙන වැටුප් වර්ධකයක අගය රුපියල් 350 ක් 400 මුදලක් වෙන්නේ. දේපළ ණය නවත්තලා. වැන්දඹු අනත්දරු කපාගැනීම් ප්‍රමාණය ඉහල දාලා. පෙර විභාග පවත්වා ලබාදුන් ශ්‍රේණි උසස්වීම් ඉවත් කරලා තියෙනවා. මේ වගේ ගැටලු විසදන්න කිසිදු සාධනීය වැඩපිළිවෙළක් නෑ. ඒත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු කරලා රට හදන්න යෝජනා ගෙනල්ලා තියෙනවා. ඒකට අපගේ විරෝධය පලකරනවා”.

    “විශ්‍රාම යන රාජ්‍ය නිලධාරීන්ගේ විශාල වැටුප් පාරිතෝෂිකය අවුරුද්දක් යනකල් ගෙවීම් ප්‍රමාද වෙලා. ඔවුන්ට පසුගිය කාලයේ පැවති රක්ෂණ ක්‍රම නවත්තලා. විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට මැදිහත් නොවී මෙවැනි යෝජනා ගෙන ඒම තුළින් එම බලධාරීන් පිළිබඳව තවත් අප්‍රසාදයක් ඇතිවෙනවා. තෝරු මෝරුන්ගෙන් කප්පාදු කලයුතු වියදම් හාල්මැස්සන්ගෙන් කප්පාදු කරන බවක් පේන්න තියෙනවා. පුද්ගලික අංශයේ රැකියාවල පවතින අයගේ තෘප්තිමත් බවට කිසිසේත් රාජ්‍ය සේවකයන් සමකලහැකි පරිසරයක් මෙතෙක් ඇති කර නොකර ඇති බවත් රාජ්‍ය සේවකයන් කෙරෙහි කලකිරීමක් ඇති කිරීමට මෙවැනි යෝජනා ගෙන ඒමට බලවත් විරෝධය පලකරන බවත්” අමිල බණ්ඩාර වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img