Home දේශීය පුවත් උණුසුම් පුවත් කුඩු මුදලාලිගේ නිවස වටලද්දී පොලිස් කුඩ්ඩෝ 2කුත් හසුවෙති

කුඩු මුදලාලිගේ නිවස වටලද්දී පොලිස් කුඩ්ඩෝ 2කුත් හසුවෙති

0
කුඩු මුදලාලිගේ නිවස වටලද්දී පොලිස් කුඩ්ඩෝ 2කුත් හසුවෙති

රත්මලාන මුහුදුබඩ පාරේ පිහිටි මත්කුඩු ජාවාරම්කරුවෙකුගේ නිවසක් පොලීසිය වටලන විට එම නිවසේ රැදී සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය උරමින් සිටියදී හසුවූ ගල්කිස්ස පොලීස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම් ඇත.

මෙම කොස්තාපල්වරු දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය උරමින් සිටින විට මත්කුඩු ජාවාරම්කරු ඇතුළු සිව් දෙනෙක් මත්කුඩු පැකට්කරමින් සිට ඇත.

ගලිකිස්ස පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පසුගිය 21 වෙනිදා මෙම ස්ථානයට කඩා පැන ඇත්තේ අලුයම 3.00ට පමණය. එහිදී එම නිලධාරීන්ද පුදුම වී ඇත්තේ තමන් සමඟ සේවයේ නිරත නිලධාරීන් දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය උරමින් එහි රැදී සිටිනු දැකය.

ජාවාරම්කරු සහ ඔහුගේ ගෝලයින් සිව් දෙනා මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ පැකට්කරමින් තිබුණු අයිස් මත්ද්‍රව්‍යද සමගිනි.

මෙහිදී එක් පොලිස් නිලධාරියෙක් සතුව අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 20ක්ද තිබී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here