Home උණුසුම් පුවත් බුද්ධි නිලධාරියාට පොලීසියෙන් දුන් මුදල් තෑග්ගේ හොර නෝට්ටුත් තිබිලා

බුද්ධි නිලධාරියාට පොලීසියෙන් දුන් මුදල් තෑග්ගේ හොර නෝට්ටුත් තිබිලා

0
බුද්ධි නිලධාරියාට පොලීසියෙන් දුන් මුදල් තෑග්ගේ හොර නෝට්ටුත් තිබිලා

බුද්ධි අංශයේ නිලධාරියෙකුට ඔහු කළ රාජකාරි වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් හිමිවූ තෑගි මුදල් අතර රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු දෙකක් තිබීමක් සම්බන්ධයෙන් මොරටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බස්නාහිිර පළාත් බුද්ධි කාර්යාංශයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙකුට 2023 වසරට අදාලව රුපියල් 24,100ක ත්‍යාග මුදලක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් හිමිව තිබී ඇත.

මෙම මුදල මොරටුව පොලිස් ස්ථානය මගින් ගෙවීම්කරන ලෙස මෙම නිලධාරියා අදාල අංශ වෙත දැනුම්දී තිබී ඇත. ඒ අනුව අදාල මුදල් පොලීසියේ ගෙවීම් අංශය විසින් මොරටුව පොලිස් ස්ථානයට යොමුකර තිබේ. එහිදී එම මුදල් භාරගෙන ඇත්තේද කොස්තාපල්වරයෙකි.

මුදල් බහාලන ලද ලිපි කවරය අදාල නිලධාරියා විසින් බුුද්ධි නිලධාරියා අතට පත්කර ඇත්තේ පසුගිය 21 වෙනිදාය. එම නෝට්ටු පරීක්ෂා කිරීමේදී එහි තිබුණු රුපියල් 5,000 නොට්ටු දෙකක් ව්‍යාජ ඒවා බව අනාවරණය වීම හේතුකොටගෙන බුද්ධි නිලධාාරියා ඒ බව මොරටුව පොලිස් ස්ථානයට පැමිණිලිකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here