Home උණුසුම් පුවත් මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳක් ඇතුළු සැකරුවන් වටලන්න හෝටලයකට පොලීසියට හමු වූ දේ..

මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳක් ඇතුළු සැකරුවන් වටලන්න හෝටලයකට පොලීසියට හමු වූ දේ..

0
මාකඳුරේ මධූෂ්ගේ අනියම් බිරිඳක් ඇතුළු සැකරුවන් වටලන්න හෝටලයකට පොලීසියට හමු වූ දේ..
File photo

මියගිය පාතාල කල්ලි සාමාජිකයෙකු වන මාකදුරේ මදුෂ් නැමැත්තාගේ අනියම් බිරිදක් සහ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය මාගස්තොට හෝටලයකට ගිය අවස්ථාවේදී මැණික්, රන්, විදෙස් මුදල් ඇතුළු දේපළ තොගයක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මාගස්තොට විජිතපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයක ඔවුන් රැදී සිටින බවට ලද තොරතුරකට අනුව නුවරඑළිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එම හෝටලය පරීක්ෂා කර ඇත.

එම අවස්ථාවේ නවාතැන් ගෙන සිටි පුද්ගලයින් හෝටලයෙන් පලා ගොස් ඇත.

පසුව ඔවුන් සිටි කාමරය පරීක්ෂා කිරීමේ දී එහි තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැක සහිත මුදල් රුපියල් 3,273,890/= ක මුදලක්ද, ඇමරිකානු ඩොලර් 05 ක්, විවිධ වර්ගයෙන් යුත් මැණික් ගල් 91ක්, රන් භාණ්ඩ, ජංගම දුරකථන 05ක්, බැංකු පොත් 06 ක් ඇතුළු දේපල සොයාගෙන ඇත.

මෙහිදී හෝටල් භූමිය තුල නවතා තිබූ කාර් රථයක්ද අත් අඩංගුවට ගෙන ඇත.

සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කර හෝටලයේ හිමිකරු හා තවත් සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here