උතුරු කොරියාවේ ජනතාවට විලාසිතා තහනමක් පැනවීමට එහී නායක කිම් ජොන් උන් පියවර ගෙන ඇතැයි විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව පිසුපසින් මදක් දික්වූ හිසකේ විලාසිතා, වර්ණ ගැන්වූ හිසකේ, නහයට හෝ වෙනත් තැන්වලට කරාබු දැමීම, ඇගටම සිරවූ කලිසම්, තැනින් තැන ඉරුණු ආකාරයක් පෙන්වන ඇදුම්, පාඨයන් සහිත ටී ෂර්ට් ඇදීමට උතුරු කොරියානුවන්ට තහනම් කර තිබේ.
එරට තුළ එම තහනම පැනවෙන්නේ “සමාජවාදී නොවන” පෙනුමක් ඇති නැතහොත් ධනවාදී මත දරන්නන්ගේ පෙනුමක් සහිත විලාසිතාවන් වෙතය.
උතුරු කොරියානු තරුණයින් අතර ධනවාදී උවමනාවන්ට තුඩු දෙනු ඇතැයි යන බිය නිසා මෙම තහනම පනවා තිබේ.
“ධනවාදී ජීවන රටාවේ සුළු හෝ සලකුණක් ගැන පවා අප විමසිලිමත් විය යුතු අතර ඒවායින් මිදීමට සටන් කළ යුතුය” යනුවෙන් උතුරු කොරියාවේ පුවත්පතක් මේ බව වාර්තා කර ඇත.
උතුරු කොරියානු පුරවැසියන් සඳහා අනුමත කරන හිසකේ විලාසිතා 15 ක් පමණ එරට හිසකේ කපන්නන් වෙත දන්වා ඇත.
“අපේ ජීවන රටාව තදින් අල්ලා නොගන්නේ නම් රටක ආර්ථික හා ආරක්ෂක බලය නොතකා අවදානමට ලක්විය හැකි අතර අවසානයේදී එය තෙත් පවුරක් මෙන් කඩා වැටිය හැකි බව ඉතිහාසය අපට උගන්වයි” යනුවෙන් එම රාජ්‍ය පුවත්පත ලියා තිබේ.
අතීතයේ දී ද උතුරු කොරියාව විදේශීය සංස්කෘතියේ සංකේත තහනම් කර තිබී ඇත.
එහි “පරිහානියට පත්වූ” යැයි හංවඩු ගැසූ ආකර්ෂණීය දෑ වළක්වාලීමට නිලධාරීන් කටයුතු කර ඇත.
පොප් සංගීතය, විශේෂයෙන් දකුණු කොරියාවේ ආරම්භ වී ගෝලීය වශයෙන් ජනප්‍රිය වී ඇති කේ-පොප් සංගීතයට එරෙහිව නිලධාරීන් දිගින් දිගටම මර්දනය කර තිබේ.
උතුරු කොරියාවේ ප‍්‍රචාරක වෙබ් අඩවියක් වරක් කේ-පොප්ගේ බීටීඑස් වැනි සංගීත කණ්ඩායම් “වහලුන්” යැයි සංසන්දනය කර, “ඔවුන්ගේ ශරීරය, මනස හා ආත්මය සොරකම් කර ඇති බව කියමින්, දුෂ්ට හා දූෂිත කලාව හා සම්බන්ධ සමාගම්වල ප්‍රධානීන් විසින් කොල්ලකනු ලැබ ඇතැයි පැවසීය.
සමහර උතුරු කොරියානු විවේචකයන් පවසා ඇත්තේ කේ-පොප් සහ වෙනත් විදේශීය සංගීතයට සවන් දීමෙන් ඔවුන්ගේ හුදෙකලා රටෙන් පිටත ලෝකය පිළිබඳ ඔවුන්ගේ මනස වෙනස් කිරීමට උපකාරී වූ බවයි.