තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්මරණ තර්ජනය කර කප්පම් ඉල්ලීමක් ගැන ශ්‍රීලනිප කොළඹ සංවිධායක අත්අඩංගුවට

    මරණ තර්ජනය කර කප්පම් ඉල්ලීමක් ගැන ශ්‍රීලනිප කොළඹ සංවිධායක අත්අඩංගුවට

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධාක සමන් විජේසුන්දර මහතා පෙරේදා (21) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කුඩාබුත්ගමුවේ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ හිටපු සභාපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක ජනක රණවක මහතාට විදේශීය ඇමතුම් අංකයකින් මරණ තර්ජනය කර රුපියල් කෝටි 05ක කප්පම් ඉල්ලූ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ය.

    ජනක රණවක මහතාට ඩුබායි හා පකිස්තානයේ භාවිත වන දුරකථන අංක දෙකකින් සතියකට පමණ පෙර සිට වරින් වර ඇමතුම් ලබාදෙමින් පුද්ගලයෙකු විසින් රුපියල් කෝටි 05ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමට පටන්ගෙන තිබේ.

    මුදල් ලබා නොදුනහොත් මරාදමන බවටත් පවුලේ සාමාජිකයන්ට හිරිහැර කරන බවත් ඇමතුම ලබාදුන් පුද්ගලයා පවසා ඇත.

    මෙම තර්ජන කළ පුද්ගලයා පෙනී සිට ඇත්තේ පාතාලයේ අපරාධකරුවෙක් ලෙසයි.

    ජනක රණවක මහතා මිරිහාන පොලිස් ස්ථානයට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක්ද කර තිබේ.

    වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙසින් එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාශයට භාරදී දින තුනක් ඇතුලත කප්පම් ඉල්ලා තර්ජනය කිරීමට සම්බන්ධ ජාලය ගැන තොරතුරු හෙළිකරගෙන ඇත.

    එහිදී පෙනී ගොස් ඇත්තේ ඉඩම් ආරවුලක් මුල්කරගෙන සමන් විජේසුන්දර මහතා විසින් විදෙස්ගතව සිටින සිය ඥාති පුතෙකු මගින් ජනක රණවක මහතාට තර්ජනය කර කප්පම් ඉල්ලා ඇති බවයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img