දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා වන රුපියල් මිලියන 8,793 ක මුදල් බැංකු වෙත ලබා දී ඇත.
අස්වැසුම ප්‍රතිලාභී පවුල් 1,410,064ක් සඳහා මෙලෙස මුදල් බැරකර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
ඉහත පවුල් සංබ්‍යාවට අදාළ ජුලි සිට දෙසැම්බර් දක්වා ගෙවීමි ලෙස රුපියල් මිලියන 51,967 ක මුදලක් රජය ගෙවා ඇත.
ඒ අනුව අන්ත දිළිදු පවුල් 303,199ක්, දිළිදු පවුල් 606,496ක් අවදානමට ලක්වු පවුල් 290,624ක්, හා සංක්‍රාන්තික පවුල් 209,745 ක් සදහා අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම මේ වන විට සිදු කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටී.