තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනාධිපති කාර්යාල පරිශ්‍රයෙන් ඇහෙන නත්තල් කැරොල් ගී

    ජනාධිපති කාර්යාල පරිශ්‍රයෙන් ඇහෙන නත්තල් කැරොල් ගී

    ජනාධිපති කාර්යාල පරිශ්‍රය සහ ඒ අවට වාර්ෂිකව සංවිධානය කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ගී ප්‍රසංගය සහ නත්තල් කලාපය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කර තිබේ.

    ජනාධිපති කාර්යාලය, සංචාරක සංවර්ධන මණ්ඩලය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය එක්ව මෙය සංවිධාන කර ඇත.

    විදුලි පහන් ආලෝකය දල්වා මෙම අවස්ථාවේ සමාරම්භය සනිටුහන් කළ ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේ පැවති නත්තල් කැරොල් ගී ප්‍රසංගය නැරඹීමටද එක් විය.

    ඊයේ දින නත්තල් කැරෝල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරන ලද්දේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගායන සහ වාද්‍ය කණ්ඩායමයි.

    මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය දෙසැම්බර් 23 වනදා තෙක් දිනපතා රාත්‍රී 7.00 සිට රාත්‍රී 8.30 දක්වා ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වේ.

    අද (21) දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්ද, හෙට (22) ශ්‍රී ලංකා යුද හමුදාව සහ දෙසැම්බර් 23 වනදා ශ්‍රී ලංකා පොලීසියේ ගායන සහ වාද්‍ය කණ්ඩායම විසින් නත්තල් කැරොල් ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ඇත.

    ඊයේ දින පැවති ප්‍රසංගය නැරඹීමට ජනාධිපතිවරයා සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img