Home උණුසුම් පුවත් ඩොලර් සංචිතේ හිතුවටත් වඩා ඉහළ යයි

ඩොලර් සංචිතේ හිතුවටත් වඩා ඉහළ යයි

ඩොලර් සංචිතේ හිතුවටත් වඩා ඉහළ යයි

2023 අවසන් වනවිට මෙරට දළ නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 4 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව රජය පවසයි.

මේ මාසයේදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 337 ක දෙවන වාරිකයද, විවිධ වැඩසටහන් සඳහා ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 200 ක් සහ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250 ක් ද ලැබී ඇත.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 787 ක් වන මෙම මුල්‍ය පහසුකම්, අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩිදියුණු කිරීම වෙනුවෙන් භාවිත කෙරේ.

මෙය මෙරට රජය බලාපොරොත්තු වූවාට වඩා ඉහළ තත්ත්වයක් බව මුදල් අමාත්‍යාංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here