Home උණුසුම් පුවත් “තවත් ඒ වගේ වැරැද්දක් රටට දරාගන්න බැරිවේවි”

“තවත් ඒ වගේ වැරැද්දක් රටට දරාගන්න බැරිවේවි”

1
“තවත් ඒ වගේ වැරැද්දක් රටට දරාගන්න බැරිවේවි”

අපි තවමත් ජීවත් වන්නේ 2015 ජනවාරියේ ඇතැම් ඡන්ද දායකයන් අපරික්ෂාකාරී ලෙස ගත් තීන්දුවල ප්‍රතිවිපාක තුළ බවත් තවත් එවැනි වැරැද්දක් මේ රටට දරාගත නොහැකි වනු ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් අනාගතයේ දී සෑම ඡන්දදායකයෙකුම තමන් ඡන්දය දෙන පක්ෂයේ බදු ප්‍රතිපත්තිය සහ අතීත ආර්ථික භාවිතයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මැතිවරණ ළං වන විට, නොයෙක් ප්‍රචාරක උපක්‍රම හා සමාජ මාධ්‍ය මෙහෙයුම් හරහා ජනතාව කුලප්පු කර කිසිදු වගවිභාගයකින් තොරව කඩිමුඩියේ අන්ධ ලෙස කිසියම් දිශාවකට රැගෙන යෑමේ උත්සාහයන් නැවත වරක් දකින බව මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

එබැවින් ඉදිරි මැතිවරණවලදී ජනතාව කුමන තීරණයක් ගත්තත් එය තාර්කික චින්තනය හා නිවැරදි කරුණු සහ දත්ත මත පදනම් වූ තීරණයක් විය යුතු බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර සිටී.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවේදනය පහතින්.

1 COMMENT

Leave a Reply to රෝෂාන් මාරසිංහ Cancel reply

Please enter your comment!
Please enter your name here