තවත්
    මුල් පිටුවspecialට්‍රම්ප් කැපෙයි

    ට්‍රම්ප් කැපෙයි

    ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට තරඟ කිරීම වලක්වාලිමින් එරට කොලරාඩෝ හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඓතිහාසික තීන්දුවක් ලබා දී ඇත.

    ඒ අනුව එරට කොලරාඩෝ හි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කැරැල්ල යන වගන්තියක් උපුටා දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබන වසරේදී එම ප්‍රාන්තයේ ජනාධිපති ධුරයට තරඟ කළ නොහැකි බව තීන්දු කර තිබේ.

    හිටපු ජනාධිපතිවරයා 2021 වර්ෂයේදී එක්සත් ජනපද අගනුවර පැවති කැරැල්ලක සහය දැක් වූ බැවින් ඔහුට ජනාධිතිවරණයට තරඟ කිරීමට සුදුසුකම් ලත් අපේක්ෂකයෙකු නොවන බව අධිකරණය තීන්දු කළේය.

    කෙසේවෙතත් මෙම අධිකරණ තීන්දුව කොලරාඩෝ ප්‍රාන්තයට පමණක් බලපාන අතර ඔහුට ජනාධිතිවරණය වෙනුවෙන් අනෙකුත් ප්‍රාන්තවල තරඟ කිරීමට බාදාවක් නොවන බවද නීති විශාරදයින් පෙන්වා දී ඇත.

    ඇමරිකානු ඉතිහාසයේ මෙවැනි තීරණය ලබාදුන් පළමු අවස්ථාව මෙය වන බවද එරට මාධ්‍ය වාර්ථා සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img