Home උණුසුම් පුවත් පාස්ටර් ජෙරම් ගැන උසාවි නියෝගයක්

පාස්ටර් ජෙරම් ගැන උසාවි නියෝගයක්

පාස්ටර් ජෙරම් ගැන උසාවි නියෝගයක්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ මෙම නඩුව අද (20) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේ කැඳවීමෙන් අනතුරුවය.

බුදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකළේ යැයි චෝදනා මත ලද පැමිණිලිවලට අනුව දේවගැතිවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here