තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සමාජ ජාල කැළඹූ නීතිපති දෙපාර්තමේන්තුවේ පුස්තකාල සමරු ඵලකය ඉවත් කෙරේ

    සමාජ ජාල කැළඹූ නීතිපති දෙපාර්තමේන්තුවේ පුස්තකාල සමරු ඵලකය ඉවත් කෙරේ

    චීනය විසින් අරමුදල් සපයන මෙරට ව්‍යාපෘති ගණනාවකම නාම පුවරුවලින් දෙමළ භාෂාව හැලී ඇති බවට මේ වන විට චෝදනාවක් එල්ල වෙමින් ඇත.

    ආසන්නතම චෝදනාවන් වන්නේ කොළඹ වරාය නගරයේ පිහිටුවා ඇති මැද උයන නාම පුවරුවේත් ඉකුත් 19 වෙනිදා විවෘත කෙරුණු නීතිපති දෙපාර්තමේන්තුවේ සුහුරු පුස්තකාල විවෘත කිරීමට අදාල සමරු පුවරුවේත් දෙමළ භාෂාව මග හැරී ඇති ඇති බවටය.

    කොළඹ වරාය නගරයේ ඉදිවෙමින් පවතින උයන නම්කර ඇත්තේ මැද උයන ලෙසිණි. එම උයන නම්කර ඇති නාම පුවරුවේ ඉහළින්ම සිංහල භාෂාවෙන් ද ඊට පහළිින් ඉංග්‍රීසි භාෂාවෙන්ද පහළම චීන භාෂාවෙන්ද මැද උයන ලෙස සටහන් කර තිබේ.

    නීතිපති දෙපාර්තමේන්තුවේ අභිනව සුහුරු පුස්තකාලය විවෘත කෙරෙන්නේ එම පුස්තකාලයට අනුග්‍රහය දැක්වූ චීන රජය වෙනුවෙන් චීනයේ මෙරට තානාපති සහ නීතිපතිවරයා අතිනි. මේ වන විට ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත්තේ එහි නාමපුවරුවයි. ඒ එහිද සිංහල, ඉංග්‍රීසි භාෂාවන්ගෙන් මෙන්ම චීන භාෂාවෙන් සිහිවටන පුවරුවේ අකුරු සටහන්ව ඇතත් රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව එම සිහිවටන පුවරුවෙන්ද හැදී ඇති බැවිණි.

    මෙයට පෙර මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථානයක්ද චීන භාෂාවෙන් නම් කෙරුණු අතර සමාජ මාධ්‍ය ජාල මගින් දැඩි විරෝධයක් ඊට ගොඩ නැගීම හේතුවෙන් චීන භාෂාව හැලී ගියේය.

    චීනය භාවිතා කරනුයේ මැන්ඩලින්ය. චීන අකුරු ලියැවෙන්නේ මැන්ඩලින් වලිනි. චීනයේ පරිත්‍යාගයක් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවද නම්කර ඇති පුවරුවේ අදටත් චීන අකුරු දක්කට ලැබේ. එහෙත් එම පුවරුවේ මෙරට භාවිතා කරන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ද පැහැදිලිව දක්නට ලැබේ.

    චීනයට සම්බන්ධ මෙරට ව්‍යාපාර සහ ඉදිකිරීම් භූමි වල පැහැදිලිවම චීන භාෂාවෙන් ඒ ස්ථාන නම්කර ඇති බවක් දක්නට ලැබේ. ඇතැම් පුවරුවල දෙමළ භාෂාව පමණක් නොව, සිංහල භාෂාවද හැලී තිබෙනු දක්කට පුළුවනි.

    නීතිපති දෙපාර්තමේන්තුවේ සිහිවටන පලකයෙන් දෙමළ භාෂාව ඉවත්වීම සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලය සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩියෙන් පිළිඹිබු වන ජන කොටටස් තුනටම චීනය ගරුකරන බවය.

    කෙසේ වෙතත් මේ වන විට ඇතිවී තිබෙන තත්වය හමුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ සුහුරු පුස්තකාලය විවෘත කිරීමට අදාල සමරු ඵලකය අද (22) ඉවත් කර ඇත. ඒ බව නීතිපති සම්බන්ධිකරණ නිලධාරීනී නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය තහවුරු කළේය. ඉදිරියේදී දෙමළ භාෂාවද ඇතුලත්කර නව සමරුඵලකයන් ස්ථාපිත කරෙන බවද ඇය සදහන් කරන්නීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img