Home උණුසුම් පුවත් විදුහල්පතිනියගේ නිවස බිඳ කෝටියක රන් හොරු අරන්

විදුහල්පතිනියගේ නිවස බිඳ කෝටියක රන් හොරු අරන්

0
විදුහල්පතිනියගේ නිවස බිඳ කෝටියක රන් හොරු අරන්

විදුහල්පතිනියක් පදිංචිව සිටින පේසාලේ පිහිටි නිවසකට හොරු පැන රුපියල් කෝටියකට ආසන්න රන් භාණ්ඩ හා මුදල් සොරාගෙන ගොස් ඇත.

පේසාලේ පිහිටි නිවසකට හොරු පැන ඇත්තේ ඊයේ (18) උදෑසන 9.30ත් 11.30ත් අතර කාලයේදී බව පොලීසිය කියයි. මෙම සොරකම සිදුවන කාලය තුළ නිවසේ කිසිවෙකුත් සිට නැත.

නිවසේ ඉදිරිපස දොර කඩා ඇතුළු වී අල්මාරියේ තිබූ රුපියල් 23,000ක මුදලක් ඇතුළු රන් මාල 04ක්, රන් තාලි කොඩි 01ක්, පෙන්ඩන් 03ක්, තැලි 02ක් වළලු 13ක්, මුදු 04ක්, කරාඹු ජෝඩු 05ක් හා අත්පළදනාවක් සොරාගත් රන් භාණ්ඩ අතර ඇතැයි පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here