රුසියාව සමඟ යුද වදින යුක්‍රෙන හමුදාවන් දැඩි කාල තුවක්කු උණ්ඩ හිඟයකට මුහුණ දී සිටින බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඒ අනුව යුක්‍රේන හමුදාවන් ඇතැම් යුද මෙහෙයුම් තාවකාලිකව අඩුකර ඇති බවද යුක්‍රේන හමුදා ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.
පවතින තත්ත්වය සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ජෙනරාල් ඔලෙක්සැන්ඩර් ටර්නාව්ස්කි ප්‍රකාශ කර ඇත්තේ, ” කාලතුවක්කු උණ්ඩ සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. ඒ අනුව මිලි මීටර් 122 මිලි මීටර් 152 උණ්ඩ වල දැඩි හිඟයක් පවතිනවා. මෙය සමස්ථ ඉදිරි ආරක්ෂක වලල්ටම දැඩි ලෙස බලපානවා″ යනුවෙනි.
විදෙස් රටවලින් ලබා දෙන ආධාර අඩුවීමත් සමඟ දැඩි අභියෝගයකට තමන් මුහුණදී සිටින බවත් ඒ අනුව මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාම දැඩි අභියෝගාත්මක වී ඇති බවද ඔහු පවසයි.
මේ අතර ඇමරිකා එක්සත් ජනපදයේ රිබලිකන් පක්ෂ සාමාජිකයින් විසින් යුක්‍රේනයට යුද ආධාර ලබා දීමට මුදල් වෙන් කීරීමට සහය ලබාදීම ප්‍රමාද කිරීමත් යුරෝපා සංගමයේ යුරෝ බිලයන 50ක් ලබාදීමට හංගේරියාව විරෝධය පළකිරීමට යුක්‍රේනයට දැඩි බලපෑමක් එල්ල කර ඇත.
ඒ අනුව මේවන විට යුක්‍රේනය ලැබුණු විදේශ ආධාර අවසන් වී යන අතර අද වන විට ඔවුන්ගේ එකම බලාපොරාත්තුව වී ඇත්තේ ඇමරිකානු එෆ් 16 ප්‍රහාරක යානා පත්ව ඇත. ඒ අනුව එම යානා මගින් ඉදිරියේදී දැඩි ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට හැකවනු ඇති බවට යුක්‍රේනය අපෙක්ෂා කරයි.