තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉල්ලා අස්වූ මිල්කෝ ලොක්කාගේ පුටුවට අමාත්‍යාංශ ලේකම්වරයෙක්

    ඉල්ලා අස්වූ මිල්කෝ ලොක්කාගේ පුටුවට අමාත්‍යාංශ ලේකම්වරයෙක්

    සීමාසහිත මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති මහතා කර තිබේ.

    ඒ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහායි.

    අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් නක පත්කිරීම සිදු කර ඇත.

    ඒ අනුව, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් තනතුරට අමතරව ඔහු විසින් මෙහි සභාපති ධුරයේ ද රාජකාරි කටයුතු සිදු කරනු ඇත.

    මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කල රේනුක දුෂ්‍යන්ත පෙරේරා අද (18) සිට තම සේවයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබුණි.

    රේණුක පෙරේරා මහතා පැවසුවේ රජයේ ආයතන පෞද්ගලීකරණ පියවර යටතේ මිල්කෝ ආයතනය ද දේශීය හා ඉන්දියානු සමාගමක් සමඟ ඒකාබද්ධ කිරීමට කටයුතු කරන බැවින් මෙම ආයතනය සඳහා තම කාලය තවදුරටත් වැයකිරීම නිෂ්ඵල හැඟී ගිය හෙයින් තමන් මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කළ බවයි.

    පසුගිය සති කිහිපය පුරාවටම මිල්කෝ ආයතන සේවකයෝ රේණුක පෙරේරාට සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට බල කරමින් විරෝධතාවල නිරත වූහ.

    සේවකයින් චෝදනා කළේ ලාබ ලබමින් පැවති මිල්කෝ ආයතනය රේණුක පෙරේරාගේ පාලන කාලය තුළ පාඩුලබන තත්ත්වයට පත් වූ බවයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img