මෙරට ප්‍රධාන ආගමක සභාවක් මගින් පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරයක රැදී සිටි ගැහැණු ළමුන් 05 දෙනෙකුට ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් එම නේවාසිකාගාර භාර පූජකවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
කිරුලපන පොලීසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම පූජකවරයාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම නේවාසිකාගාරය පිහිටා ඇත්තේ හයිලෙවල් පාරට යාබදවය.
ලිංගික අතවරයන්ට ලක්වූ ගැහැණු දරුවන් අවුරුදු 09ත් 17ත් අතර වයස්වල පසුවන්නන් බව පොලීසිය කියයි.
මෙම ගැහැණු ළමුන් 2020 වර්ෂයේ සිට මේ දක්වා විටෙන් විට පූජකවරයාගෙන් අතරවරයන්ට ලක්ව ඇති බව පොලීස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.