කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරේ.
මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පවසයි.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට පහරදී ගේට්ටුවේ ගැටගසා තැබීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් පසුගිය 05 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා තාවකාලිකව වසා දැමීමට පියවර ගන්නා ලදී.