Home උණුසුම් පුවත් පියා සමඟ එක්ව අයියා නංගිගේ සරසවි පෙම්වතා උස්සලා

පියා සමඟ එක්ව අයියා නංගිගේ සරසවි පෙම්වතා උස්සලා

0
පියා සමඟ එක්ව අයියා නංගිගේ සරසවි පෙම්වතා උස්සලා

සිය නැගණිය සමඟ පැවති ප්‍රේම සම්බන්ධය නතරකිරීම හේතුවෙන් උරණ වූ සහෝදරයෙකු පියා ද සමග එක්ව විශ්වවිද්‍යාල සිසුවෙකු වන නැගණියගේ පෙම්වතාව පැහැරගෙන ගොස් පහරදී ඇතැයි හසලක පොලීසිය කියයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් පෙම්වතියගේ පියාව අද උදෑසන අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන මෙම සිසුවාව පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 15 වෙනිදා රාත්‍රී කාලයේදීය. ඒ ඔහු විශ්වවිද්‍යාලයේ සිට නිවසට පැමිණෙමින් සිටියදී හසක නගරයේදීය.

බස් රථයකින් පැමිණ බැස නිවසට ගමන් කරමින් සිටියදී ඔහුව මෝටර් රථයක නන්වාගෙන පැහැරගෙන ගොස් ඇත්තේ බලහත්කාරයෙන් මෝටර් රථයට නන්වාගෙන බව පොලීීසිය කියයි..

හසලක කීන පැලැස්සේ පදිංචිකරුවෙක් වන 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවා පෙම් සම්බන්ධය පවත්වාගෙන ගොස් ඇත්තේ ගමේ තරුණියක් සමගිනි. ඔහු විශ්වවිද්‍යාලයට ගිය පසු එම සම්බන්ධය නවතා දමා ඇතැයි පැවසෙන්නේ ඒකපාර්ශවීයවය. දෙදෙනා අතර බොහෝ කාලයක් තිස්සේ පෙම් සම්බන්ධය තිබී ඇත්තේ දෙමාපියන්ගේද අනු දැනුමක් ඇතිවය. ඒ හේතුව නිසා මෙම පැහැරගැනීම සිදුව ඇති බව පැවසේ.

සිසුවා පැහැරගෙන ගොස් ඇත්තේ තරුණියගේ නිවසටය. එම නිවස පිහිටා ඇත්තේ හසලක පල්ලේවත්තේ බව පොලීසිය කියයි.

එහිදී සිය නැගණිය සමඟ පැවති පෙම් සම්බන්ධය නවතා දැමීමට හේතු විමසමින් ඔහුට පෙම්වතියගේ සහෝදරයාත් පියාත් පහරදී තිබේ. . එම පහරදීම්වලින් සිසුවාට තුවාලද සිදුව ඇත.

තුවාල ලැබූ සිසුවාව නැවත මහ මඟට ගොස් දමා ඇත්තේ ඔහුගේ ජංගම දුරකථන දෙක ඔවුන් සතුව තබාගෙනය.

මේ ගැන පොලීසියට පැමිණිල්ලක ලැබී ඇත්තේ ඊයේ (16)ය. එම පැමිණිල්ලට අනුව විමර්ශන පැවැත්වූ හසලක පොලීසිය මෝටර් කාර්මිකයෙක් වන 44 හැවිරිදි වියේ පසුවන පියාව අත්අඩංගුවට ගෙන තිබේ. සහොද්රයාව අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here