තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහේස්ත්‍රාත් -දිස්ත්‍රික් විනිසුරු පිරිසකට මාරු

    මහේස්ත්‍රාත් -දිස්ත්‍රික් විනිසුරු පිරිසකට මාරු

    මහේස්ත්‍රාත්වරුන් සහ දිස්ත්‍රික් විනිසුරුවරුන් 54 දෙනෙකු ස්ථාන මාරු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    2024 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන මෙම මාරුවීම් සිදුකර ඇත්‍තේ වාර්ෂික ස්ථාන මාරු පටිපාටිය යටතේ බව කොමිසම පවසයි.

    ඒ අනුව කඩුවෙල, පූගොඩ, මොණරාගල, මාරවිල, කළුතර, මාතලේ, ඇල්පිටිය, පුත්තලම, කිලිනොච්චිය සහ අනුරාධපුර යන දිස්ත්‍රික්ක විනිසුරුවරුන් වාර්ෂික ස්ථාන මාරු ක්‍රමවේදය යටතේ යළි ස්ථානගත කර ඇත.

    මේ අතර හෝමාගම, මීගමුව, බණ්ඩාරවෙල, නුවරඑළිය, මඩකලපුව, කෑගල්ල, ඇල්පිටිය, බලපිටිය, මැදවච්චිය, නොච්චියාගම, නාඋල, ආණමඩුව, අගුණුකොළපැලැස්ස සහ කහටගස්දිගිලිය යන මහේස්ත්‍රාත්වරුන්ට ද ස්ථාන මාරුවීම් ලැබී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img