Home උණුසුම් පුවත් වෙළඳසැලක හිමිකරුවකුට වැලිගමදී වෙඩි

වෙළඳසැලක හිමිකරුවකුට වැලිගමදී වෙඩි

0
වෙළඳසැලක හිමිකරුවකුට වැලිගමදී වෙඩි

නව ගාලුපාරේ වැලිගම ඉන්ධන පිිරවුම්හල ඉදිරිපිට පිහිටි මාමාස් ෆිෂ් පොයින්ට් නැමැති වෙළදසැලේ හිමිකරුට ඊයේ රාත්‍රීී කාලයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් වෙඩි තබා පළාගොස් ඇත.

වෙළඳසැල ඉදිරිපිට එහි හිමිකරු රැදී සිටියදී ඒ අසලට පැමිණි යතුරුපැදිකරු විසින් වෙඩි තබා ඇතැයි පොලීසිය කියයි.

දෙනිපිටිය පොල්වත්තේ පදිංචිකරුවෙක් වන නුවන් කුමාර (42) නැමැති අයටත් වෙළඳ සැලේ සේවකයෙක් වන මහින්ද ගුණතිලක (52) දෙදෙනා වෙඩි වැදී තුවාල ලබා රෝහල්ගතකර ඇත.

මෙම වෙඩි තැබීම පාතාලයේ ගැටුමක ප්‍රතිඵලයක් බව පොලීසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here