Home උණුසුම් පුවත් කඩෙන් කෑම අරන් එද්දී පොලිස් නිලධාරියාගේ අයිෆෝන් එක උස්සලා

කඩෙන් කෑම අරන් එද්දී පොලිස් නිලධාරියාගේ අයිෆෝන් එක උස්සලා

0
කඩෙන් කෑම අරන් එද්දී පොලිස් නිලධාරියාගේ අයිෆෝන් එක උස්සලා

ආදුරුප්පුවවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ජංගම දුරකථනයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් කොටුව පොලීසිය විමර්ශනයක් ආරම්භකර තිබේ.

මෙසේ සොරා ගැනීමට ලක්ව ඇත්තේ I PHONE 13 PRO MAX වර්ගයේ රුපියල් ලක්ෂ 05කට ආසන්න වටිනාකමක් ඇති ජංගම දුරකථනයකි.

මෙම නිලධාරිය කොළඹ කොටුව පොලිස් වසමේ පිහිටි රේගු මූලස්ථානය ඉදිරිපිට ඇති ප්‍රනීත් හෝටලයට පසුගිය 12 වෙනිදා රාත්‍රී 8.40ට පමණ පැමිණ ඇත්තේ රාත්‍රී ආහාර ලබා ගැනීමටය. යතුරුපැදියකින් පැමිණි ඔහු යතුරු පැදිය හෝටලය ඉදිරිපිට නතරකර හෝටලය තුළද ගොස් ඇත්තේ ආහාර ලබා ගැනීමටය. ඒ යන විට ඔහු සිය ගමන් මල්ල තබා ගොස් ඇත්තේ යතුරුපැදිය තුළය. ජංගම දුරකථනය තිබී ඇත්තේ එම බෑගය තුළය.

මෙම නිලධාරියා කොටුව පොලීසියට ඊයේ (15) සවස පැමිණිලිකරමින් සඳහන්කර ඇත්තේ තමා හෝටලය තුළට ගොස් ආහාර පාර්සලය රැගෙන රාත්‍රී 9.00ට පමණ පිටතට පැමිණෙන විට බෑගයේ තිබුණු ජංගම දුරකථනය අස්ථානගතව තිබුුණු බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here