තවත්
    මුල් පිටුවspecialහමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 3ක් ඊශ්‍රායලය අත්වැරදීමකින් මරලා

    හමාස් භාරයේ සිටි ප්‍රාණ ඇපකරුවන් 3ක් ඊශ්‍රායලය අත්වැරදීමකින් මරලා

    ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන තිබූ තිදෙනෙකු අත්වැදීමකින් ඝාතනය කර ඇත.

    මෙලෙස මරණයට පත්වූවන් සතුරන් ලෙස වැරදි ලෙස හඳුනා ගැනීම හේතුවෙන් එලෙස ඝාතනයට ලක්ව ඇති බව ඊශ්‍රායලය හමුදාව ප්‍රකාශ කරයි.

    එහිදි මරණයට පත්ව ඇත්තෙ 28 හැවිරිදි Yotam Haim, 22 හැවිරිදි Samer Talalka සහ 26 හැවිරිදි Alon Shamriz යන තිදෙනායි.

    සිදුවූ අත්වැරදීම සම්බන්ධයෙන් ඊශ්‍රායල හමුදාව සිය කණගාටුව ප්‍රකාශයට පත්කර ඇත. උතුරු ගාසාවේ ෂෙජායියා හි ක්‍රියාත්මක වූ හමුදා විසින් මෙම ප්‍රාණ ඇපකරුවන් තිදෙනාට වෙඩි තබා ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පැවසුවේ අදාල සිදුවීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

    තවමත් ප්‍රාණ ඇපකරුවන් 100ක් පමණ ගාසා හී සිටින බවටද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img