තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"අපිට ගල් ගහන්න එන්න එපා.. අපිත් බලාගන්නවා.."

    “අපිට ගල් ගහන්න එන්න එපා.. අපිත් බලාගන්නවා..”

    මීළඟට පැවැත්වෙන මැතිවරණය පොදුජන පෙරමුණ අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බව පක්ෂයේ නිර්මාතෘ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

    “මීළඟටත් අපි ඕනම මැතිවරණයක් තිබ්බොත් පොහොට්ටුව දිනන්න කටයුතු කරනවා. ඒ වගේම අපි අපේම ආණ්ඩුවක් පිහිටුවන්න සූදානම් වෙමු. හැබැයි ඒක අර කලින් පිහිටෝපුවා වගේ පාණ්ඩුවක් නොවන විදියට නියම එඩිතර ආණ්ඩුවක් බවට පත්කරන්න අපි සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඒකට අපි අපේ ශක්තිය දෙනවා.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවති ජාතික මහා සම්මේලනයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

    “මම එක ඉල්ලීමක් කරනවා ඔබ සියලුදෙනාගෙන්. ගමට යනකොට කරුණාකරලා, කහ ඉරෙන් ඇරෙන්න වෙන කිසිම තැනකින් පාර මාරු වෙන්න එපා. මොකක් හරි අපේ වැරැද්දක් අල්ලගන්න බලාගෙන ඉන්නවා මේ සෝෂල් මීඩියා එක කියන සමාජ මාධ්‍යය. ඒ නිසා අපි ඉතාම විනය ගරුකව මහින්ද රාජපක්ෂ මහතා අපිට කියා දුන්න උතුම් පාඩම අරගෙන අපේ පක්ෂය ආදර්ශමත් පක්ෂයක් හැටියට මේ ඉදිරි කාලේ කටයුතු කරමු. එැබැයි ඒකෙන් අපි නිවටයෝ කියලා හිතන්න එපා. අපිට ඒවටත් ඕනනම් සුදානම් කියන එක අපි කියනවා.

    විශේෂයෙන්ම මට මෙතනදී මතක්වෙනවා, පාරේ දුවන බල්ලෙක්ට පිටිපස්සෙන් ගලක් ගැහුවොත් බල්ලා බුරලා තව හයියෙන් දුවනවා. හැබැයි සිංහයෙක්ට ගලක් ගැහුවොත් සිංහයා නතර වෙලා ආපස්සට කවුද ගල ගැහුවේ කියලා බලනවා. ඒ වගේ තමයි අපිත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. අපිට ගහන්න එන්න එපා ගල්. අපිත් බලාගන්නවා…” යැයි ද බැසිල් රාජපක්ෂ මහතා එහිදී කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img