උඩවලව වේල්ල හරහා මාර්ගය වසා දැමීමට තීරණය කර ඇති අතර අද(15) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.
ලබන ජනවාරි 15 වනදා දක්වා අදියර කීපයක් ඔස්සේ එම මාර්ගය වසා දැමෙන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නිවේදනය කරයි.
ඒ අනුව අද(15) දින සිට දෙසැම්බර් 22 දින දක්වා ඉහත මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමේ.
දෙසැම්බර් 23 දින සිට ජනවාරි 06 දින දක්වා එක් මං තීරුවක් වසා දැමෙනු ඇත.
එමෙන්ම ජනවාරි 07 සිට ජනවාරි 14 දින දක්වා ද මාර්ගය සම්පූර්ණයෙන් වසා දැමේ.
ජනවාරි 15 දින සම්පූර්ණයෙන්ම නැවත මාර්ගය ගමනාගමනය සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇත.
මාර්ගය වසා දැමෙන කාලසීමාව තුල විකල්ප මාර්ග ලෙස උඩවලව, ඇඹිලිපිටිය හරහා 13වන කණුව දක්වා වන මාර්ගය භාවිතා කළ හැකි බව දැනුම් දෙයි.