තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන්ගමන් පාලක ප්‍රධානී නිශාන් අබේවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ගුවන්ගමන් පාලක ප්‍රධානී නිශාන් අබේවර්ධන අභාවප්‍රාප්ත වෙයි

    ගුවන් ගමන් පාලක ප්‍රධානී නිශාන් අබේවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    රාජකාරියේ යෙදී සිටියදී හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් නිශාන් අබේවර්ධන මහතා මෙසේ මියගොස් ඇත.

    ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට කටුනායක ගුවන් තොටුපලේ ගුවන් සංතරණ අංශයේ ප්‍රධානී ලෙස කටයුතු කළේය.

    1990 වසරේ ගුවන් ගමන් පාලකවරයෙකු ලෙස සේවයට බැදුණු අබේවර්ධන මහතා වසර 29ක සේවා කාලයකින් පසු ගුවන් සංතරණ සේවා අංශයේ ප්‍රධානියා ලෙස පත්විය.

    ඒ මහතාගේ දේහය බොරැල්ල පෞද්ගලික අවමංගල්‍ය උත්සවශාලාවක තැන්පත් කර ඇත.

    අවසන් කටයුතු හෙට (14) පස්වරුවේ දී බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකෙරේ…

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img