තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයවැය ඡන්දයට ඔන්න මෙන්න තිබියදී පාර්ලිමේන්තු වටරවුම උණුසුම්

    අයවැය ඡන්දයට ඔන්න මෙන්න තිබියදී පාර්ලිමේන්තු වටරවුම උණුසුම්

    අයවැයෙන් යෝජිත බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන ලෙස බල කරමින් වෘත්තිකයන්ගේ වෘත්තීය සමිති සම්මේලනය පොල්දූව මංසන්ධි‍යේ පාර්ලිමේන්තුව වටරවුම අසල මේ වනවිට උද්ඝෝෂණයක් පවත්වයි.

    ඒ හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධිය සහ අවට ප්‍රදේශවල දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇත.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය , ඉංජිනේරු සංගමය , ලංකා බැංකු සේවක සංගමය සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇතුලු වෘත්තීය සමිති නියෝජිතයන් මෙම උද්ඝෝෂණයට එක්ව සිටී.

    මහජන පීඩාවක් ඇති නොවන සේ විරෝධතාව එක් මංතීරුවකට පමණක් සීමා කරන ලෙස පොලීසිය උද්ඝෝෂණකරුවන්ට දැනුම්දීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගැනිණ.

    ලබන වසර සඳහා වන අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව පස්වරු 6.00ට අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ.

    මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය මස 13 වනදා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

    පසුගිය මස 21 වනදා අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 45කින් සම්මත විය.

    අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙවත් අයවැය තුන්වන වර කියවීමේ විවාදයේ 19 වන දිනය අදයි.

    මුදල් අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදය පැවැත්වෙන අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img