Home උණුසුම් පුවත් රොෂාන් ගහපු එක හරීන් රිවස් කරයි -උසාවියටත් දන්වලා

රොෂාන් ගහපු එක හරීන් රිවස් කරයි -උසාවියටත් දන්වලා

රොෂාන් ගහපු එක හරීන් රිවස් කරයි -උසාවියටත් දන්වලා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු අද (13) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඉදිරිපත් කළ පෙත්සම අද කැඳ වූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව අදාළ පෙත්සම තවදුරටත් පවත්වාගෙන යන්නේ ද, නැද්ද සළකා බැලීම සඳහා දෙසැම්බර් 15 වැනිදා අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබේ.

පසුගිය නොවැම්බර් මස 5 වනදා අංක 2356/43 දරණ ගැසට් පත්‍රය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත්කරන ලද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලතල, කාර්යයන් හා රාජකාරි ඉටුකිරීම සඳහා අතුරු කමිටුව විසුරුවා හැරේ.

එම ගැසට් නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here