තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිලේ අඩුවීමක්!

    විදුලි බිලේ අඩුවීමක්!

    ලබන ජනවාරි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බවත් එහිදී විදුලි බිල අඩු කිරීමට ඉඩ ඇති බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කරයි.

    කාලගුණ අනාවැකිවල වෙනස හේතුවෙන් මෙම පියවර ගැනීමේ ඉඩක් පවතින බව හෙතෙම කියා සිටියේය.

    පවතින මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවය තවමත් ජල විදුලිය නිෂ්පාදනය තුළින් සපුරාලන බැවින් ලබන වසරේ පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබාදිය හැකි බව අමාත්‍යවරයා කීය.

    “පසුගිය වසරවල මේ කාලයේ මේ තරම් වර්ෂාපතනයක් අපට තිබුණේ නැහැ. නමුත් දැන් දිනකට ලැබෙන වර්ෂාපතන ප්‍රමාණය අඛණ්ඩව වැඩි වෙලා. මේ නිසා අපට වාසියක් ලැබී තිබෙනවා. ජල විදුලි උත්පාදනය උපරිම ලෙස භාවිතා කිරීමට අපට හැකි වෙලා තියෙන්නේ. අපගේ ගල් අඟුරු බලාගාර සහ අප සතුව ඇති අනෙකුත් තෙල් හා ඩීසල් බලාගාර නවතා දැමීමට අපට හැකි වී තිබෙනවා.’ අමාත්‍යවරයා පැවසීය.

    2024 අප්‍රේල් මාසයේදී විදුලි ගාස්තු සංශෝධනය කිරීමට මුලින් තීරණය කර තිබුණි.

    එහෙත් පාරිභෝගිකයින්ට යම් සහනයක් ලබාදීමේ අරමුණින් ජනවාරි මස මැද භාගයේදී ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව විජේසේකර අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.

    මේ අතර පසුගිය සෙනසුරාදා සිදු වූ දීප ව්‍යාප්ත විදුලිය විසන්ධිවීමට හේතු සාකච්ඡා කිරීමට තමා සඳුදා ලංවිම පද්ධති පාලන මැදිරියට ගිය බව ද අමාත්‍යවරයා කීය.

    එහිදී පද්ධති පාලන ඉංජිනේරුවන් සහ නිලධාරීන් විදුලිය විසන්ධි වීමට තුඩු දුන් සිදුවීම් සහ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ගත් පියවර ඉදිරිපත් කළ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img