Home උණුසුම් පුවත් සූර් මතින් ගිලන් රථය පදවා පොලිස් බාධකයේ හප්පලා

සූර් මතින් ගිලන් රථය පදවා පොලිස් බාධකයේ හප්පලා

0
සූර් මතින් ගිලන් රථය පදවා පොලිස් බාධකයේ හප්පලා

මත්පැන් පානය කර වෙරිමතින් කොළඹ ජාතික රෝහලට අයත් ගිලන් රථයක් ධාවනය කරමින් පොලිස් මාර්ග බාධකයක ගැටුණු රියදුරෙක් හලාවත පොලිසිය නිලධාරීන් විසින් ඊයේ රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ ජාතික රෝහලේ සේවය කරන බෙල්ලන විතානලාගේ සිසිර කුමාර නැමැති එම ගිලන් රථ රියදුරාව හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට අද(12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 15 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

හලාවත දැදුරුඔය පාලම මත ඇති පොලිස් මාර්ග බාධකයේ මෙම ගිලන්රථය ගැටී ඇත්තේ පුත්තලම දෙස සිට හලාවත දෙසට ධාවනය කරමින් තිබියදීය. එම අනතුරින් ගිලන් රථයට හානි සිදුව ඇති බවද පොලීසිය පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ රාත්‍රී නමය තිහට පමණ ය එම අවස්ථාවේ රථයේ සිට ඇත්තේ ගිලන් රථ රියදුරුට අමතරව රිය සහයකයින් බව කියන දෙදෙනෙක් පමණි.

රියදුරු බීමතින් සිටින බව පරීක්ෂණවලින් තහවුරු කරගැනීමත් සමඟ ඔහුව අත්අඩංගුවටගත් බවත් ගිලන් රථය පොලිස්භාරයට ගත් බවත් පොලීසිය කියයි.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු අනුරාධපුරය රෝහලට භාරදී පැමිණෙන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

අනුරාධපුරයේ සිට පැමිණෙන අතරතුර පුත්තලම ප්‍රදේශයේදී ගිලන් රථ රියදුරු මත්පැන් පානයකර ඇතැයි හෙළි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here