Home උණුසුම් පුවත් අපරාධයක් කළ පොලිස් OIC 13 වසරකට පසු කොටුවෙයි

අපරාධයක් කළ පොලිස් OIC 13 වසරකට පසු කොටුවෙයි

0
අපරාධයක් කළ පොලිස් OIC 13 වසරකට පසු කොටුවෙයි

අලව්ව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවයේ නිරතව සිටියදී පුද්ගලයෙක් පැහැරගෙන ගොස් සිරකර තබාගැනීමක් සම්බන්ධයෙන් මීරිගම පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ලකෑම් විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගනේරාලලාගේ ශාන්ත සමරවීර නැමැති පුද්ගලයෙකුව මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ
2010 වසරේ ජූලි 25 වෙනිදා ය.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා සැකකාර පොලිස් නිලධාරියාව අත්අඩංගුවට ගනු ලබන්නේ එම සිදුවීමෙන් වසර 13කට පසුවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here