Home උණුසුම් පුවත් කන්දකාඩු කඳවුරෙන් පැන්න 107ක් රිමාන්ඩ්

කන්දකාඩු කඳවුරෙන් පැන්න 107ක් රිමාන්ඩ්

0
කන්දකාඩු කඳවුරෙන් පැන්න 107ක් රිමාන්ඩ්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් 138 දෙනාගෙන් අත්අඩංගුවට ගත් 107 දෙනෙක් පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

අත්අඩංගුවේ සිටින තවත් විසි දෙකක් හෙට දිනයේ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

අධිකරණයට ඉදිරිපත් කරන ලද රැඳවූවන් පවසා ඇත්තේ තමන්ට කන්න බොන්න නොදී කඳවුර තුළදී පහරදීම් කළ බවය. කඳවුරෙන් තමන් පලා ගියේ ඒ නිසා බවද ඔවුන් පවසා ඇත.

අධිකරණය මෙහිදී නියෝග කර ඇත්තේ මෙම රැදවූවන් බන්ධනාගාරයේ මාර්ගයෙන් අධිකරණ වෛද්‍යවරයෙක් වෙත ඉදිරිපත් කරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here