තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සැකකාරයෝ රිමාන්ඩ් නොකර නිවාස අඩස්සියට

    සැකකාරයෝ රිමාන්ඩ් නොකර නිවාස අඩස්සියට

    පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය දීර්ඝකාලීන ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇති අතර ඊට පිළියමක් වශයෙන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට/බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙස සුදුසු නඩු කටයුතුවල සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබීමට නීති ප්‍රතිපාදන හඳුන්වා දීමට රජය තීරණය කර ඇත.

    ඒසඳහා යෝග්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත.

    එකී නිලධාරි කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව මත පදනම්ව යෝග්‍ය නීති හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img