පාසල් සඳහා සූර්ය පැනල සවි කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කොට එහි නියමු ව්‍යාපෘතිය මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයෙන් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ මසකට රුපියල් 20,000කට වැඩි විදුලි බිලක් ඇති පාසල් සඳහා මුලින්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ, මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාලයේදී පසුගියදා පැවැති මිනුවන්ගොඩ අධ්‍යාපන ව්‍යුහ කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.
පාසල් ප්‍රධාන සැලසුම් පුද්ගලික අංශයෙන් සිදුකරගත හොත් ඒ විශාල මුදලක් වැයවන බැවින් එතරම් විශාල මුදලක් පාසල්වලට හෝ කලාප අධ්‍යාපන කාර්යාලයට දැරීමට අපහසු බව හෙතෙම කීය.
ඒ නිසා සැලසුම් සැකසීමේ කටයුතු වෙනුවෙන් නාගරික සංවර්ධන අධිකාරියේ වරලත් ඉංජිනේරුවන් හා ගෘහ නිර්මාණ ශිල්පීන් සම්බන්ධ කර ගත් බව ද හෙතෙම පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා, විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නේ පාසලේ ඉදිරි සංවර්ධන කටයුතු මෙම සැලසුම් මත පදනම් වෙමින් සකස්කරගත යුතු බවයි.
එමෙන්ම මේ සැලසුම් සම්බන්ධයෙන් පාසල් සංවර්ධන කමිටු, ආදි ශිෂ්‍ය සංගමය, පාසල් කළමනාකරණ කමිටු සමඟ සාකච්ඡා කරන ලෙස ද උපදෙස් දුන්නේය.
මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පවතින ගුරු පුරප්පාඩුව ලබන වසරේ මුල් කාර්තුවේදී අවසන් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.