තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්STF මෙහෙයුමකින් කුඩුයි -බඩුයි -හොරුයි රොත්තක්ම දැලේ

    STF මෙහෙයුමකින් කුඩුයි -බඩුයි -හොරුයි රොත්තක්ම දැලේ

    මත්කුඩු මිලදීගැනීම සඳහා මත්කුඩු ජාවාරම්කාරියක සතුව තිබූ රුපියල් කෝටියක මුදල කොල්ලකෑමට සූදානම් වූ මත්ලෝලීන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    කොල්ලකරුවන් දෙදෙනා ව්‍යාජ ලෙස සකස් කළ යුධ හමුදා හැදුනුම්පතක් සහ සෙල්ලම් පිස්තෝලයක් රැගෙන ගොස් තිබුණේ මත්කුඩු ජාවාරම්කාරිය බියගැන්වීම සඳහා ය.

    කොල්ලකරුවන් දෙදෙනාගෙන් හෙළිවූ තොරතුරු මත මත්කුඩු ජාවාරම්කරිය සහ තවත් අයෙක් කෝටියකට ආසන්න මුදලක් සහ මත්කුඩු සමඟ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබේ.

    විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක ඒම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රැන්පාස් පොලිස් වසමේ අඹතලේ සේදවත්ත මාර්ගයේ නව කැළණි ගුවන් පාලම යටදී කල වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

    සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිළධාරීන් සේදවත්ත, තොටලග ප්‍රදේශයේ යතුරුපැදි සංචාර යෙදි සිටිය දී සැක කටයුතු යතුරුපැදි දෙකක් පරික්ෂා කිරීමෙන් පසු එහි සිටි එක් පුද්ගලයකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 370 ක් සහ ප්ලාස්ටික් පිස්තෝල අවියක්, විශේෂ බලකායේ නිළ ලංජනය සහිත සැකකරුගේ මුලකුරු සමග නම, ලේ වර්ගය සදහන් කර ඇති සුදු පැහැති තහඩු කැබැල්ලක් අමුණා ඇති මාලයක් ද තිබී ඇත.

    එම පුද්ගලයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී ව්‍යජ හැදුනුම්පත් ජායාරූප හා විවිධ ආරක්ෂක අංශයන් හි නිළ ඇදුමින් ඇති ජායාරූප සදහා එම පුද්ගලයාගේ මුහුණ ඇතුලත් කර තිබි ඇතැයි විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරිමේ දී ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑමට සුදානම්න් සිටින බවත් එම රථයේ විශාල මුදල් ප්‍රමාණයක් හා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරනු ලබන බවටත් තොරතුරු හෙළිවී ඇත.

    ඒ අනුව විශේෂ කාර්ය බලකාය මත්කුඩු ප්‍රවාහනය කරන ත්‍රීරෝද රථය සම්බන්ධයෙන් ඇස ගසාගෙන සිට ඇත.

    තොටලග නාලගම් විදියේ දී ත්‍රිරෝද රථය පරීක්ෂාවට ලක්ව තිබේ.

    එම රථයේ රියදුරු සමග කාන්තාවක් පැමිණි අතර එම කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 497 ක් හා රුපියල් ⁣කෝටියකට ආසන්න මුදලක් තිබී ඇත.

    ඒ අනුව එම කාන්තාවත් රියදුරුත් අත්අඩංගුවට ගෙන මුලින් අත්අඩංගුවට ගත් දෙදෙනාද සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට භාරදී ඇත.

    සැකකරුවන් වයස අවුරුදු 26 – 43 අතර වයසේ පසුවන කල්එළිය, වැල්ලම්පිටිය, උස්වැටකෙයියාව, කොළඹ 14, සහ රත්මලාන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img