Home උණුසුම් පුවත් නාවික හමුදා නිලධාරීන්ට පොලුමුගුරු පහර දුන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට

නාවික හමුදා නිලධාරීන්ට පොලුමුගුරු පහර දුන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට

0
නාවික හමුදා නිලධාරීන්ට පොලුමුගුරු පහර දුන් ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස මෙරට මුහුදු සීමාවට මාළු ඇල්ලීමට පැමිණ සිටි ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ගිය නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකුට පොලු මුගුරුවලින් පහරදී තුවාල ලබා තිබේ.

මෙම පහරදීම පසුගිය 09 වෙනිදා රාත්‍රී කාලයේ සිදුවී ඇත්තේ පේදුරුතුඩුව වෙරළ තීරයේ සිට කිලෝ මීටර් 10ක් පමණ වූ දුරිකිනි.

ඉන්දීය ධිවරයින් විසින් නාවික හමුදාවේ පිරිසකට කළ පහරදීම ගැන කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් දැනුවත් කිරීමත් සමඟ එම මුහුදු සීමාවට පැමිණි අමතර භට කණ්ඩායම් විසින් ඉන්දීය බෝට්ටු දෙකක් වටකර නිලධාරීන්ට පහරදුන් ඉන්දියානුවක් 25 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඉන්දියානුවන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට භාරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත්කර ඇත. එහිදී එම ධිවරයින් 25 දෙනා ලබන 22 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here