උඩරට දුම්රිය මාර්ගයට ඊයේ (දෙසැ.08) සවස පස්කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ හාලිඇල සහ උඩුවර දුම්රිය ස්ථාන අතර මෙම පස්කන්ද කඩා වැටී ඇති බවයි.
මේ හේතුවෙන් බදුල්ල සිට කොළඹ බලා ධාවනය වන දුම්රිය ප්‍රමාදයක් හටගෙන ඇත.
උඩරට මාර්ගයේ බිඳවැටුණු ධාවන කටයුතු යථාතත්ත්වයට පත් කිරීම සඳහා දුම්රිය සේවකයින් දුම්රිය මාර්ග ඉවත් කිරීමේ උත්සාහයක නිරත වන බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.