Home උණුසුම් පුවත් වැට් වදින බඩු ලැයිස්තුව යළි සළකා බලන්න රජයේ සූදානමක්

වැට් වදින බඩු ලැයිස්තුව යළි සළකා බලන්න රජයේ සූදානමක්

වැට් වදින බඩු ලැයිස්තුව යළි සළකා බලන්න රජයේ සූදානමක්

ලබන වසරේ ජනවාරි මාසයේ සිට එකතු කළ අගය මත බද්ද (වැට්) අය කෙරෙන භාණ්ඩ ලැයිස්තුව යළි සලකා බැලීමට රජය සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

එහිදී අයිතම 138 න් 97 ක් ඇතුළත් කිරීම පිළිබඳ නැවත තක්සේරු කිරීමට රජය සූදානම් බව පාර්ලිමේන්තුව අමතමින් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කීය.

යෝජිත වැට් බදු සහන ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මතු කරන ගැටළු සලකා බැලීමටට ද රජය විවෘත බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රජය 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැට් බදු අනුපාතය 3% ක සිට 18% දක්වා වැඩිකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here